ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සැප්තැම්බර් 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
මෙහිදී ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් Husain Al Musallam ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා ක්ෂේත්රයේ දියුණුව සහ අභිවෘද්ධිය සඳහා රජය සහ ක්‍රීඩා ක්ෂේත්රය අතර සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී සෞඛ්‍යට මෙන්ම පාසල් දරුවන්ගේ සහ ප්‍රජාවගේ යහපැවැත්ම සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීම, දූෂණය මුලිනුපුටා දැමීම සහ ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය පිළිබඳ ව සඳහන් කළාය. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කර ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද සහභාගි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය