විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් පාසල් පද්ධතිය තුළට නව නිපැයුම් සමාජ 100ක් හඳුන්වාදීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 08 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී එම නව නිපැයුම් සමාජ බිහි කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් පාසල් 09ක් වෙත නව නිර්මාණ සමරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලදී.
නව නිපැයුම් ප්‍රවර්ධනය තුළින් ජාතික ආර්ථිකයට ලබා දිය හැකි දායකත්වය, පාසල් නව නිපැයුම්කරණයේ අවස්ථා හා අභියෝග, නව නිපැයුම් සමාජ බිහි කිරීමේ දී ගුරුවරුන්ගේ භූමිකාව, නිපැයුම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ වැදගත්කම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නව නිපැයුම් සහ නවෝත්පාදනය තුළින් නිර්මාණශීලී ශ්‍රම බලකායක් දැයට දායාද කිරීම යන මූලික කාරණා මෙම උත්සව අවස්ථාවේ දී විශේෂයෙන් සාකච්ඡා විය.
අග්‍රාමාත්‍යවරිය විසින් උත්සව සභාව ආමන්ත්‍රණය කරමින්,
නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවිය හැකි නව පරම්පරාවක් බිහි කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒ සඳහා පවතින සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට එහා ගිය නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී. එමෙන්ම නව නිපැයුම්කරුවාගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම්, උපාධිය හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවත්, පවතින සමාජය වඩා යහපත් කිරීම වෙනුවෙන් නව නිපැයුම් කරුවා දක්වන දායකත්වය වඩා වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරන ලදී.
සමාජය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ වගකීමක් ඇති , සහකම්පනයෙන් යුතු මානවවාදී නව නිපැයුම්කරුවන් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීම වන බවත් අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.
" අපට අවශ්‍ය වන්නේ දත්ත දන්න පරපුරක් විතරක් නොවෙයි. ඒ දත්තවල සත්‍ය අසත්‍යභාවය, විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි, විචාරශීලී බුද්ධියක් ඇති අලුත් විදිහට දකින්න පුලුවන්, ඒ දත්ත කරුණු පාවිච්චි කරලා ලෝකය වෙනස් කරන්න පුලුවන් මනසක් තියෙන නිර්මාණශීලිත්වය තියෙන පරපුරක් අපිට අවශ්‍යයි. අලුතින් හිතන්න, අලුතින් දෙයක් දිහා බලන්න, දත්ත, තොරතුරු හා දැනුම පසුපස හඹාගෙන යන්න දන්න ලෝකය ගැන කුතුහලයක් ඇති අය අපිට අවශ්‍යයයි." යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙම උත්සව සභාව ආමන්ත්‍රණය කළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ද නව නිපැයුම් බිහි කිරීමේ වැදගත්කම සහ ඒ වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වෙත මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වෙත ද වගකීම් රැසක් පවතින බව සඳහන් කරන ලදී. එමෙන්ම මෙරටට ඇති සුවිශේෂීම සම්පත් වන්නේ රට වෙනුවෙන් නව නිපැයුම් සිදුකරන ඒ වෙනුවෙන් අනාගත සිහින දකින නව පරපුර බව අමාත්‍යවරයා පැවසූ අතර, නව නිපැයුම් වෙනුවෙන් අවැසි උපරිම සහයෝගය දරුවන් වෙනුවෙන් ලබා දීමට රජයක් ලෙස කටයුතු කරන බව ද අමාත්‍යවරයා විසින් මෙහි දි වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහචාර්ය වෙරන්ජ කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, විදුහල්පතිවරුන්,ගුරුභවතුන් මෙන්ම නව නිපැයුම් බිහි කරන පාසල් දරුවන් පිරිසක් සම්බන්ධ වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය