Bill & Melinda Gates පදනමේ අග්නිදිග ආසියාව හා ඉන්දියාව පිළිබඳ සහ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂ හරි මෙනන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
සෞඛ්‍ය හා පෝෂණය, කෘෂිකර්මය, නාගරික සනීපාරක්ෂාව සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් මෙනන් මහතා අගමැතිනිය වෙත පදනමේ වැඩකටයුතු පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී , ශ්‍රී ලංකාව තුළ, "ඩිජිටල් කෘෂිකර්මය" සහ "ඩිජිටල් පොදු යටිතල පහසුකම්" ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමුවිය. ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අරමුදල් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය, ඩිජිටල්කරණය සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා රජයේ කැපවීම පිළිබඳ අවධාරණය කළාය.
Bill & Melinda Gates පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ තනුජ මීගහවත්ත යන මහත්වරන් මෙම හමුවට සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය