මාතර කලා උළෙල අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් ඇරඹෙයි.

​දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක උත්සවය පෙබරවාරි 19 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි.

​මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම කලා උළෙල , පෙබරවාරි 20 සිට 23 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මෙහිදී දෘශ්‍ය කලා ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට ප්‍රදර්ශන, කලා පොළ සහ ප්‍රවීණයන් මෙහෙයවන ප්‍රායෝගික වැඩමුළු ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.

​මෙම සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු කලාකරුවන්, ආරාධිත අමුත්තන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය