දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වතු ආශ්‍රිත පාසල් දරුවන්ගේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබා දීම කෙරෙහිත් රජයේ අවධානය යොමු කර තිබෙනවා

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත් එක් එක් පාසල්වල තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධ වැඩිදුර >>

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ධීවරයින් සහ ව්‍යවසායකයින් නගා සිටුවීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවර ප්‍රජාව සහ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් යළි නගා සිටුවීම සඳහා රජය විසින් පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

දිට්වා අපදා වෙනුවෙන් රජය ලබා දී ඇති සහන  වැඩිදුර >>

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පළමු අදියර අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

“සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් රට තුළ ඇතිකිරීමට නිවැරදි දත්ත කළමනාකරණයක් මත තීන්දු තීරණ ගත යුතුයි.”

දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත්,ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක වැඩිදුර >>

පූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා නායක ධූරයෙන් පිදුම් ලබයි.

පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත සද්ධම්මජෝතිකධජ ධම්මසේනාපති භාෂාන්තර විශාරද අතිපූජ්‍ය වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආරියවංස සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් ශ්‍රී සන්නස් පත්‍රය පිළිග වැඩිදුර >>

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලයයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක අධ්‍යාපනය සඳහා ඇතුළත් විය හැකි රාජ්‍ය පද්ධයේ තිබෙන විශ්වවිද්‍යාලය විවෘත විශ්ව විද්‍යාලය බවත් ඒ නිසා ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

විවෘත විශ්ව විද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ වැඩිදුර >>

“පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය වන බැවින්, එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගන්නා බවත්, සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත් වැඩිදුර >>

“පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබලගැන්වීමේ කාර්යභාරය ශිෂ්‍ය ආරක්ෂණ නිර්ණායක හා ප්‍රතිපත්ති මත පදනම් වූ විශේෂ වැඩපිළිවෙළක් මත සිදුකරනවා” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන එක් අංගයක් වී ඇත්තේ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබලගැන්වීම ඔස්සේ තාක්ෂණයට හුරුපුරුද්දක් දක්වන තරුණ පරම්පරාවක් බිහි කිරීම වන බවත්, එම ක්‍රියාවලිය ඩිජිටල්කරණය හා සම්බන්ධ ශිෂ්‍ය ආරක්ෂණ නිර්ණායක හ වැඩිදුර >>

ජගත් පරිසර දින සුභපැතුම් පණිවුඩය

​පරිසරය යනු අපගේ පැවැත්මේජ පදනමයි. අනාගත පරපුර උදෙසා සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ හරිත මිහිතලයක් දායාද කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතම වගකීමක් ලෙස මම සලකමි.

​“Urgent Climate Action” – කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය යන ගෝලීය තේමාවට සමගාමීව, “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරි වැඩිදුර >>

යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස ජුනි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රවර් වැඩිදුර >>

ප්‍රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ප්‍රදේශයට ආවේණික ආර්ථික රටාව හදුනාගෙන ගම සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි

ප්‍රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් බවත්, ප්‍රදේශයට ආවේණික ආර්ථික රටාව හදුනාගෙන ගම සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආච වැඩිදුර >>

​අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ’බුද්ධ රශ්මි’ වෙසක් කලාපය සහ පිළියන්දල, කොලොන්නාව වෙසක් උත්සව විවෘත කෙරේ

​ගංගාරාම විහාරවාසී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ කොළඹ ’බුද්ධ රශ්මි’ වෙසක් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. අනතුරුව ගංගාරාම විහාරය පරිශ්‍රයේ පැවති දන්සැල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී  වැඩිදුර >>

අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ රදගුරු දුෂන්ත රොද්‍රිගෝගේ ආරාධනයෙන් මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේදී පැවති රදගුරු සිරි වැඩිදුර >>

වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ් ද්විත්වයක් අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත වෙයි

අදට (30) යෙදුණු වෙසක් පොහොය දිනය නිමිත්තෙන්, කොළඹ ප්‍රදේශයේ ඉදිකරන ලද තොරණ් ද්විත්වයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

බොරැල්ල මැගසින් එක්සත් වෙළඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් ඉදිකරන ලද “සම්බුලා ජාතකය” ඇතුළත් තොරණ ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමියගේ වෙසක් දින පණිවුඩය

​බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.

බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙ වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් මැතිතුමා අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වතිකානු තානාපතිවරයා ලෙස නම් කරන ලද අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් (H.E. Monsignor Andrzej Jozwowicz) මැතිතුමා මැයි 29 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේදී තානාපතිවරයාව පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ඒතුමා වෙත සුබපැතුම් පිරිනැ වැඩිදුර >>

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ අගමැතිනිය අතර ’දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සහන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර හමුවක් අද ( 29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

’දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සහ ශ්‍රී ලංකාව හා එක්සත් ජාතී වැඩිදුර >>

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කෙරේ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

ශ්‍රී ලාංකීය-ජර්මානු ව්‍යාපාරික සමුළුව අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකාව, කලාපීය සහයෝගීතාවයට සහ ජාත්‍යන්තර සබඳතාවන්ට කැපවූ, විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

අද (මැයි 28) කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේදී පැවති &r වැඩිදුර >>