ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරිය Davos හි නිල සංචාරයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සහ ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Davos හි පැවති ලෝක ආර්ථික සංසදයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් මෙන්ම ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික නියෝජිතයින් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීමට සහ දිගුකා වැඩිදුර >>

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතුයි.

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ World Woman Davos Agenda 2026 සඳහා  වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේදී යුරෝපා සංගමයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි සහ ආයතනික නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වූවා ය.

 වැඩිදුර >>

’සංචාරක කර්මාන්තය සංස්කෘතිය, වටිනාකම්, ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ආකර්ෂණය සහ විශ්වාසය මඟින් ලෝකයට බලපෑම් කළ හැකි මෙවලමක්,’ - Davos හි ගෝලීය සංසදය අමතමින් අග්‍රාමාත්‍යවරිය පවසයි.

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) සමගාමීව 2026 ජනවාරි 20 වන දින Piz Buin Davos හි Euronews මධ්‍යස්ථානයේ පැවති “Tourism as Soft Power and Diplomatic Capital” යන තේමාව යටතේ සංවිධානය කළ සංවාදයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

සංචාරක ප්‍රවේශය සහ ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම මඟින් ජාත්‍යන්තර විශ්වාසය, සංස්කෘතික හුව වැඩිදුර >>

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික සමුළුවේදී 

අගමැතිනිය  ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි.

ජනවාරි 20 වන දින ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති  ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ  ඉහළ පෙළ නියෝජිතයින් සමඟ ද්විපා වැඩිදුර >>

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි.

2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 19 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා ය.

’A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්,  වැඩිදුර >>

පුත්තලම වේලාසීය රජයේ විද්‍යාලයට ගුරු නේවාසිකාගාරයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

"දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරනවා."

ගුණාත්මක අධ්‍යාපනයක අවශ්‍යතාව වටහා ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට දෙමාපියන් කරන කැපකිරීම අගය කරනවා

දෙමාපියන්ටත්, දරුවන්ටත් බරක් නොවන අධ්‍යාපන පද්ධතියක් අපි නිර්මාණය කරන බවත්, ග වැඩිදුර >>

පුත්තලම සහිරා විද්‍යාලයේ සිසුන් නිර්මාණය කළ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමිය අතින් විවෘත වේ.

​"දත්ත, ප්‍රතිපත්ති සහ දරුවන්ට හොඳම දේ ලබා දීම අපේ අරමුණයි. දේශපාලන වුවමනා හෝ වෙනත් කිසිදු දෙයක් අපට වැදගත් නැහැ; අපට වැදගත් වන්නේ දරුවන් පමණයි" යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ඇති වූ ’දිට්වා’ සුළි කුණාටුවෙන වැඩිදුර >>

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස අපි අඩියක්වත් පස්සට තියලා නෑ, තියන්න සූදානමකුත් නෑ. දියත් කරපු සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක වෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බවත්, දියත් කළ සැලසුම් ඒ ලෙසටම ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පුත්ත වැඩිදුර >>

සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තියයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කුමන සමාජ, ආර්ථික වටපිටාවක වුවද සියලුම සිසුන්ට සමානව අඛණ්ඩ අධ්‍යාපනයට අවස්ථාව නිර්මාණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීම හා දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත වැඩිදුර >>

විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගැටලු අගමැතිනියගේ අවධානයට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම අතරතුර ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමර වැඩිදුර >>

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංසංකරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරී වැඩිදුර >>

රටට ගැළපෙන දියුණු පුරවැසියෙකු බිහි කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගනිමින් සිටිනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මේ රටට ගැළපෙන දියුණු පුරවැසියෙකු බිහි කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බවත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා විෂය මාලා වෙනසක් පමණක් නොව සිසුන්ට හා ගුරුවරුන්ට ලැබිය සියලු යටිතල පහසුකම් සලසමින් ආරම්භ කළ යුතු යම් කාලයක් ගතවන දවැන්ත කාර් වැඩිදුර >>

පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටිනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය දියුණු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් යම් නියාමනයක් තුළ පූර්ව ළමා විය අධ්‍යාපනය පවත්වාගෙන යන්න රජය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

"සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලි අනාගත පරපුරක්" යන තේමාවෙන් පැව වැඩිදුර >>

ධනාත්මක පරිවර්තනයන් කිරීමේදී ප්‍රතිවිරෝධතා එනවා, අප ආරම්භ කළ, රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහිකිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නවත්වන්නේ නැහැ රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත ව තිබූ බවත්, එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග අද (16) පැවැති සාකච්ඡාවට එක්වෙමින් මාදම්පේ සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. මෙහිදී පාසල් 176 කින් සහ සිසුන් 76,000 ක පමණ ප්‍රමාණයකින් සමන්විත හලාවත කලාපය පිළිබඳ කෙටි හැඳින්වීමක් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය විසින් සිදුකෙරුණු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ මෙහෙය අග්‍රාමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කෙරිණි. ඊට අමතරව මෙහිදී පැමිණ සිටි අධ්‍යාපන නිලධාරීන් සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර, එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් දියත් කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා වන සුදානම පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු කෙරිණ. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වැරදි හඳුනා ගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගේ සංවිධානාත්මක කැපවීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාකූල කිරීමට උත්සාහ කරන පිරිසගේ අභිප්‍රායන් අභිබවා යන්න තරම් ශක්තිමත් බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවුණා. පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා. 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට අපි කටයුතු කරනවා. පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. මේ අවස්ථාව සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් බී.එම්.සී.කේ. වන්නිනායක මහතා, පළාත් පාලන ආයතනවල සභාපතිතුමන්ලා සහ නිලධාරීන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු විදුහල්පතිතුමන්ලා ද, මහා සංඝරත්නය හා කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගී වූහ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධනාත්මක පරිවර්තනයන් කිරීමේදී ප්‍රතිවිරෝධතා එනවා, අප ආරම්භ කළ, රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහිකිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නවත්වන්නේ නැහැ

රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත ව තිබූ බවත්,  වැඩිදුර >>

​ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ…

​ශ්‍රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී හින්දු ජනතාව සමරනු ලබන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (ජනවාරි 15) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

​අග්‍රාමාත වැඩිදුර >>